RPFL ණය එකතු කිරීම

RPF Factoring

දශක තුනක යුද්ධය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථික යුගයක් කරා ගමන් කරයි. එම මාර්ගයේ, කුඩා ව්‍යවසාය අංශය (SME) සැලකිය යුතු තරම් වර්ධනය වී තිබේ. කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර කිරීමට, විශේෂයෙන් කෘෂිකාර්මික, ධීවර සහ සංචාරක ව්‍යාපාර කිරීමට අදහස් කරන පුද්ගලයින් බොහෝ දෙනෙක් රට පුරාම සිටිති. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් සාරවත් කරන SME අංශය ප්‍රවර්ධන කිරීමට RPFL විසින් සාධාරණ පොලී අනුපාතයකින් කෙටි කාලීන මූල්‍යකරණය දෙනු ලැබේ.

RPFL කුලී පිට ගැනුම

RPFL කුලී පිට ගැනුම

කුලී පිට ගැනුම යනු වාහන මූල්‍යකරණය සඳහා වන ප්‍රබල මාර්ගයකි. ආරම්භක තැන්පතක් ගෙවූ පසු, ඔබ ඔබේ වාහනය මාසික ගෙවීම්වලින් මිල දී ගන්නා විකල්පය සමඟ කුලියට ගනියි. ඔබ කුලී ගාස්තු ඇතුළුව සියලුම ගෙවීම් කළ පසු වාහනය ඔබ සතු වේ. කුලී පිට ගැනුම් ගිවිසුමක ප්‍රයෝජන වන්නේ පුද්ගලයෙකුට භාවිත කරනු ලැබූ වාහනයක් ගත හැකි වීම සහ නැවත ගෙවීමේ වාරිකය වැට් බද්දට හසු නොවීම සහ එබැවින් එය පහසුවෙන් දරා ගත හැකි වීම වේ.

RPFL ව්‍යාපාරික ණය

RPFL ව්‍යාපාරික ණය

කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ප්‍රාග්ධන වියදම් සඳහා මූල්‍යයන්, සහ උපකරණ, යන්ත්‍රෝපකරණ සහ අමු ද්‍රව්‍ය ප්‍රසම්පාදනය ඉටු කිරීම සඳහා වන නම්‍ය සැලසුම් සහිතව සංස්ථාපිත සහ SME සේවාලාභීන් සඳහා ව්‍යාපාරික ණය සැලසුම් කර ඇත.

RPFL පිළිවැටුම් ණය

පිළිවැටුම් ණය යනු සැලසුම කල් ඉකුත්වන තෙක් ඕනෑම ආකාරයකින් ඕනෑම වාර ගණනකට ණය ප්‍රමාණය ආපසු ගැනීම, නැවත ගෙවීම, සහ නැවත ලබා ගැනීම සඳහා අනුමත කරන සැලසුමකි.

ප්‍රධාන පහසුකම පදනම් කර ගෙන කලින් කල පිළිවැටුම් ආනයන ණය පහසුකම් සීමාව තුළ, අයදුම්කරුගේ ඉල්ලීමට අනුව උප පහසුකම් සැපයිය හැකි වන අතර, මෙය ආයු කාල පහසුකමකි.

RPFL වාහන ණය

වාහන ණය විශේෂයෙන්ම සලසා ඇත්තේ උසස් ශුද්ධ වටිනාකමින් යුත් පාරිභෝගිකයින්, සංස්ථා සහ පවතින පාරිභෝගිකයින් යන අයට තමන්ගේ නමින් වාහනයක් මිල දී ගැනීම සඳහා වේ.

RPFL ක්‍ෂුද්‍ර ණය

ක්‍ෂුද්‍ර ණය මඟින් ඉලක්කගත කරනු ලබන්නේ සුනම්‍ය ගිවිසුම් නියමයන් සමඟ සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රවර්ගයට වන අතර එමඟින් ඔවුන්ගේ අප්‍රමාද මූල්‍ය අවශ්‍යතා ගැන සලකනු ලැබේ. තම ජීවනෝපාය පවත්වා ගැනීමටත් ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කිරීමටත් හැකි සමාජයක් සංවර්ධන කිරීමට මෙමඟින් RPFL සබල කෙරේ.
ආදායම් ඇති කරන ව්‍යාපෘති, ආරම්භක ව්‍යාපාරයක් සඳහා වන කාරක ප්‍රාග්ධනය, අවවරප්‍රසාදිත ශිෂ්‍යයින් සඳහා වන අධ්‍යාපන කටයුතු, සහ ක්‍ෂුද්‍ර, මධ්‍යම සහ කුඩා ව්‍යවසාය ව්‍යාපාර දියුණු කිරීම සඳහා මෙම ණය සලසා ගත හැක.

Funding to retired,disabled soldiers (Oba wenuwen Api)

After the war, we have seen that the lots of soldiers who retired from the service or disabled during the war are looking for some avenues to start a business to ensure a better future to their families. However, they might have problem of finding startup capital. As a gratitude for them RPFL will allocate some funds to grant loans to address this issue after careful analysis of the feasibility of these new businesses.