රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් අරීජ් ඉස්ලාමීය මූල්‍ය ඒකකය

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් වෛකල්පික මූල්‍යකරණ ප්‍රතිපාදනවලට කැමති විය හැකි පාරිභෝගික සමුදායක් වෙත ළඟා විමේ අදහසින් දැන් ෂරීආ නීතියට අනුකූල වන මූල්‍ය සේවා සහ නිෂ්පාදන පිරිනමයි. මෙම ක්‍රමය දැඩියෙන් අගය කරන පාරිභෝගිකයින්ගේ ඇස් තුළ තවත් ප්‍රමුඛත්වය ගෙන ඒමට සම්ප්‍රදායික මූල්‍ය සේවාවලින් තම ව්‍යාපාරික කටයුත්ත වෙනස් කිරීම සඳහා “අරීජ්” ඉස්ලාමීය මූල්‍ය සේවා ලෙස එම ඒකකයට නම් තබා ඇත. අරීජ් හි මූලික ශක්තිය උචිත නිෂ්පාදන රැස, පුද්ගලයන් කළ සේවා සහ සමකාලීන පෙනුම සහ හැඟීම අතර ඇති ප්‍රශස්ත තුලනයෙහි පදනම් වේ.
යුක්තිය, සමතාව සහ සාධාරණත්වය යනු ඉස්ලාමීය මූල්‍ය ක්‍රමය තහවුරු කරන අගයවල් වේ. අපගේ ඉස්ලාමීය මූල්‍ය මෙහෙයවීමේ සහ ක්‍රියාවෙහි ඉතා අවශ්‍ය ඒවා ලෙස සලකනු ලබන්නේ මෙම අගයන් වේ.

සීමාසහිත රිචඩ් පීරිස් මූල්‍ය සමාගමේ ආයෝජන කිරීම සඳහා වන ඉහළ හේතු 5 – අරීජ්


අරීජ් ඉස්තිස්මාර් ගිණුම – වකාලා ආයෝජනය

වකාලා බිල්ඉස්තිස්මාර් නම් ෂරීආ මූලධර්මය පදනම් කර ගෙන, ඔබේ ආයෝජනය සඳහා වෙළඳපොළේ තරඟකාරී ධර්මිෂ්ට ඵලය ඔබට ලබා දීම සඳහා “අරීජ් ඉස්තිස්මාර්” ගිණුම RPFL විසින් ආරම්භ කර ඇත. එය ආයෝජනය මූලික වශයෙන් ෂරීආ නීතියට අනුකූල වන දේපළ සහ ව්‍යාපාරික ගනුදෙනුවෙහි ඇති ආයෝජන හරහා කෙටි කාලීන සහ දීර්ඝ කාලයකට ඔබට නියත ආදායමක් ලබා දීමේ අරමුණින් යුත් එකකි.


වකාලා බිල්ඉස්තිස්මාර්

වකාලා බිල්ඉස්තිස්මාර් යනු ආයෝජන නිෂ්පාදනවල භාවිත කෙරෙන පහසු ඉස්ලාමීය මූල්‍ය වෙළඳපොළ සංකල්පය වේ.
ආයෝජකයා (“මුවක්කිල්”) රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් (RPFL) – අරීජ් ඉස්ලාමීය මූල්‍ය ඒකකය (“වකීල්”) සමඟ වකාලා බිල්ඉස්තිස්මාර් ගිවිසුමකට එළඹෙන අතර ලාභදායී ෂරීආ නීතියට අනුකූල ගනුදෙනුවල උපයෝග කිරීම සහ ආයෝජන කිරීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් RPFL හි ආයෝජන කරයි.
ආයෝජකයාට ආයෝජනයෙන් බලාපොරොත්තු වන ලාභ ප්‍රතිශතය පිරිනමන අතර, RPFL විසින් ලබා දෙන සේවාව සඳහා වකාලා ගාස්තුව උපයා ගනු ලැබේ. RPFL විසින් (වකාලා ගාස්තුව අඩු කර ගත් පසු) ආයෝජකයාගේ අපේක්‍ෂිත ලාභයට වැඩිපුරව උපයනු ලබන ඕනෑම ප්‍රමාණයක් දිරිදීමනාවක් ලෙස RPFL විසින් රඳවා ගනු ලැබේ.


[wpspoiler name=”අරීජ් ඉස්තිස්මාර්” style=”wpui-light”]

අරීජ් ඉස්තිස්මාර් (පුද්ගල අයෝජන)

තනි පුද්ගලයකු හෝ සුළු හා මධ්ය පරිමාණ සමාගම් සඳහා මෙම ආයෝජනය සැලසුම් කර ඇත. අවම වශයෙන් මාස 3 ක අවම කාලයක් සහිතව රුපියල් 50,000.00 කි.


ඉජාරා කල් බදු (ආයතනික ආයොජන)

මෙම ආයෝඡනය ඉලක්කගත ආයතනික සංවිධාන හෝ ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයන්ට රුපියල් 500,000.00 ක අවම මුදලක් අවශ්ය වේ. අවම සේවා කාලය මාස 3 කි. වෙනත් කිසිදු කටයුත්තක් තවදුරටත් සාකච්ඡා කළ හැකිය.

RPFL හට ස්ථානගත වීමේ ලක්ෂ්යයේදී අපේක්ෂිත ලාභ අනුපාතය (APR) දැනුම් දීමට හැකිවන අතර, එමඟින්, ඔවුන්ගේ ආයෝජනය මත තම අපේක්ෂිත ප්රතිලාභ අනුපාතය ගැන ගනුදෙනුකරුවන්ට දැනගැනීමට ඉඩ සැලසෙයි. කෙසේ වෙතත්, RPFL නියෝජිතයා ලෙස ආයෝජනයෙන් ස්ථාවර ලාභය සහතික කරනු නොලැබේ.

ප්‍රතිලාභ:

[/wpspoiler]

[wpspoiler name=”ඉජාරා-කල් බදු” style=”wpui-light”]

ඉජාරා යනු බදු දෙන්නා සහ බදු ගන්නා අතර ඇති ගිවිසුමක් වන අතර, දේපළක භුක්තිය බදු ගන්නා වෙත මාරු කෙරේ, එහි බදු ගන්නා විසින් බදු දෙන්නා වෙත ගෙවිය යුතු දෙය සුවිශේෂ කොට සලකා එයට එරෙහිව සුවිශේෂී කාලයකට දේපළේ සුවිශේෂී ප්‍රතිලාභයක් අත් විඳීම සඳහා බදු ගන්නා හට අයිතිය තිබේ. කල් බදු කාල සීමාව කල් පිරීමත් සමඟ බදු ගන්නා දේපළේ හිමිකම ලබා ගනියි.

එය ෂරීආ නීතියට අනුකූල මූල්‍ය ක්‍රමයක් වන අතර එයින් ඔබට අනෙකුත් ඵලදායී වාණිජ අරමුණු සඳහා ඔබේ ප්‍රාග්ධනය තබා ගන්නා අතරතුර ඔබට දේපළක හිමිකම තබා ගැනීමට ඉඩ දෙනු ලැබේ.

ඉජාරා කල් බදු යටතේ පරදු දරන්නන්ගේ වගකීම්:

බැඳීම්වල විස්තරය වගකීම
හිමිකමට අදාළ වියදම් බදු දෙන්නා
දේපළ භාවිත කිරීමට අදාළ වියදම් බදු ගන්නා
හිමිකමට සම්බන්‍ධ අවදානම බදු දෙන්නා
දේපළ භාවිත කිරීමට සම්බන්‍ධ අවදානම් බදු ගන්නා
අනතුරකදී තෙවන පාර්ශ්වික බැඳීම බදු ගන්නා
හිමිකමට සම්බන්‍ධ වියදම් සහ අවදානම් –
නමුත් සම්පූර්‍ණයෙන් නොදැනුවත්කමින් සිදු වන ඒවා
බදු ගන්නා

අරීජ්හි පිරිනැමීම:

ඔබ සැබැවින්ම සම්පූර්‍ණයෙන්ම අළුත් ක්‍රමයක් ගැන කල්පනා කරන්නේ නම්, අපි සැම විටම අපගේ ඉතා අඩු වියදමින් යුත් ඉජාරා සැලැස්ම මඟින් ඔබට උදවු කිරීමට උනන්දු වී සිටින අතර, එය පහසුකම සහ නම්‍ය බව සලකමින් ඔබේ අවශ්‍යතාවලට අනුව විශේෂයෙන් සකසා ගත හැක.

ප්‍රයෝජන

[/wpspoiler]

[wpspoiler name=”වකාලා ව්‍යාපාරික මූල්‍යය” style=”wpui-light”]

ව්‍යාපාර හිමිකරුවෙක් වශයෙන්, ඔබ දිනපතාම අභියෝගවලටත් අවස්ථාවලටත් මුහුණ දෙන අතර, ඒවායෙන් බොහොමයක් සඳහා ඔබේ අතේ මුදල තිබීම අවශ්‍ය වේ. ඔබට මුදල් අවශ්‍ය වන විට, ඔබට අවශ්‍ය මුදල වෙත ප්‍රවේශය තිබීම ඔබටත් ඔබේ ව්‍යාපාරයටත් අත්‍යවශ්‍ය වන අතර, එය කෙතරම් අපහසුද යන්න රහසක් නොවේ.

අපි ඔබට ඔබේ නියමයන් මත ඔබේ ව්‍යාපාරය වර්‍ධනය කිරීමට උදවු කිරීමට කැප වී සිටින්නෙමු. අපගේ වකාලා ව්‍යාපාරික මූල්‍යය ඔබ ගැන සලකමින් සලසා ඇති අතර, ඔබේ අසමසම ව්‍යාපාරික මාදිලිය සමඟ ක්‍රියා කළ හැකි පරිදි සකසා ගත හැකි වේ; ඔබට ඔබේ ව්‍යාපාරික මූල්‍යකරණ අවශ්‍යතා විසඳා ගන්නා අතර නම්‍යශීලී බව සහ පහසුවෙන් භාවිත කළ හැකි බව තිබේ. ඔබට ෂරීආ ප්‍රතිපත්තියේ විෂය පථයට හසු වන ඕනෑම ව්‍යාපාරික විස්තීර්‍ණ කිරීමක් සඳහාම ප්‍රාග්ධනය භාවිත කිරීමේ නිදහස තිබේ.

අපගේ වකාලා ව්‍යාපාරික මූල්‍ය පහසුකම තම ව්‍යාපාරයන් විස්තීර්‍ණ වන හෝ වර්‍ධන වීමේ විභවය ඇති ශ්‍රී ලංකාව තුළ තිබෙන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය, ආයතන සහ තනි හිමිකාරිත්වය ඇති ව්‍යාපාර සඳහා සුදුසු වේ.

ප්‍රයෝජන:

[/wpspoiler]

[wpspoiler name=”මුරාබහා” style=”wpui-light”]

මුරාබහා යනුවෙන් විකිණීමට යන දේපළ මිල දී ගැනීමෙහි සිදු වූ වියදම RPFL විසින් පැහැදිලිව සඳහන් කරනු ලබන අතර පාරිභෝගිකයාට / මිල දී ගන්නාට දන්නා ලාභයක් එක් කිරීමෙන් ශක්‍ය පාරිභෝගිකයෙකුට / මිල දී ගන්නෙකුට විකුණනු ලබන සුවිශේෂී විකුණුම් ගනුදෙනු වර්‍ගයක් සඳහන් කෙරේ.

එය RPFLවිසින් එහි නිදහස් සහ පැහැදිලි ඔප්පුව සමඟ අයිතමක් / භාණ්ඩ හෝ දේපළ මිල දී ගනු ලබන ඉස්ලාමීය මූල්‍යකරණ සැලැස්මක් වේ. RPFL සහ ශක්‍ය මිල දී ගන්නා විසින් (RPFL සඳහා එකඟ වූ ලාභයක් ඇතුළුව) විකුණුම් මිලක් සම්බන්‍ධයෙන් එකඟ වනු ලබන අතර, එය වාරික කිහිපයකින් හෝ එක් වර ගෙවීමෙන් ඉටු කළ හැක.

මුරාබහා පහසුකමින් පාරිභෝගිකයින්ට පිරිනමනු ලබන්නේ:

[/wpspoiler]


ඔබේ ව්‍යාපාරික මූල්‍යය සුරක්‍ෂිත කිරීම:

අද අප අමතන්න :

ලියන්න:

ඔබේ විමසීම් විද්‍යුත් තැපැල් කරන්න: imruz@rpcfinance.com