RPFL ව්‍යාපාරික ණය

කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ප්‍රාග්ධන වියදම් සඳහා මූල්‍යයන්, සහ උපකරණ, යන්ත්‍රෝපකරණ සහ අමු ද්‍රව්‍ය ප්‍රසම්පාදනය ඉටු කිරීම සඳහා වන නම්‍ය සැලසුම් සහිතව සංස්ථාපිත සහ SME සේවාලාභීන් සඳහා ව්‍යාපාරික ණය සැලසුම් කර ඇත.

RPFL පිළිවැටුම් ණය

පිළිවැටුම් ණය යනු සැලසුම කල් ඉකුත්වන තෙක් ඕනෑම ආකාරයකින් ඕනෑම වාර ගණනකට ණය ප්‍රමාණය ආපසු ගැනීම, නැවත ගෙවීම, සහ නැවත ලබා ගැනීම සඳහා අනුමත කරන සැලසුමකි.

ප්‍රධාන පහසුකම පදනම් කර ගෙන කලින් කල පිළිවැටුම් ආනයන ණය පහසුකම් සීමාව තුළ, අයදුම්කරුගේ ඉල්ලීමට අනුව උප පහසුකම් සැපයිය හැකි වන අතර, මෙය ආයු කාල පහසුකමකි.

RPFL වාහන ණය

වාහන ණය විශේෂයෙන්ම සලසා ඇත්තේ උසස් ශුද්ධ වටිනාකමින් යුත් පාරිභෝගිකයින්, සංස්ථා සහ පවතින පාරිභෝගිකයින් යන අයට තමන්ගේ නමින් වාහනයක් මිල දී ගැනීම සඳහා වේ.

RPFL ක්‍ෂුද්‍ර ණය

ක්‍ෂුද්‍ර ණය මඟින් ඉලක්කගත කරනු ලබන්නේ සුනම්‍ය ගිවිසුම් නියමයන් සමඟ සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රවර්ගයට වන අතර එමඟින් ඔවුන්ගේ අප්‍රමාද මූල්‍ය අවශ්‍යතා ගැන සලකනු ලැබේ. තම ජීවනෝපාය පවත්වා ගැනීමටත් ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කිරීමටත් හැකි සමාජයක් සංවර්ධන කිරීමට මෙමඟින් RPFL සබල කෙරේ.
ආදායම් ඇති කරන ව්‍යාපෘති, ආරම්භක ව්‍යාපාරයක් සඳහා වන කාරක ප්‍රාග්ධනය, අවවරප්‍රසාදිත ශිෂ්‍යයින් සඳහා වන අධ්‍යාපන කටයුතු, සහ ක්‍ෂුද්‍ර, මධ්‍යම සහ කුඩා ව්‍යවසාය ව්‍යාපාර දියුණු කිරීම සඳහා මෙම ණය සලසා ගත හැක.