(English) Financial Statement

Financial Statement 2018-2019

(தமிழ்) நிலையான வைப்புக்கான விண்ணப்பம்

Sales Manager

Vestibulum iaculis lacinia est. Proin dictum elemtum velit. Fusceuismod consequat ante. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Pellentesque sed dolor. Aliquam congue fermentum nisl. Mauris accumsnulla v in lacus ut

vacancy 2

Vestibulum iaculis lacinia est. Proin dictum elemtum velit. Fusceuismod consequat ante. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Pellentesque sed dolor. Aliquam congue fermentum nisl. Mauris accumsnulla v in lacus ut

vacancy 1

Vestibulum iaculis lacinia est. Proin dictum elemtum velit. Fusceuismod consequat ante. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Pellentesque sed dolor. Aliquam congue fermentum nisl. Mauris accumsnulla v in lacus ut

Mr. Muditha Welihinda

A member of British Computer Society, Australian Computer Society and Institute of Data Processing Management (UK). Also a Certified Information Security Auditor (CISA – USA).Has over 25 years of experience of which about seven year in overseas in Information Technology from programming, project management, application consultancy and data center management. Currently in the final stages of the MBA in University of Colombo and Msc in Keel University – UK. Managing the Information Technology services wing of Richard Pieris Group as the General Manager / Head of IT.

Tabs and toggles

[tabs]

[tabs title=”” disabled=”false” collapsible=”true” active=”0″ event=”click”]
[tab title=”Tab 0″]Tab 0 content[/tab]
[tab title=”Tab 1″]Tab 1 content[/tab]
[tab title=”Tab 2″]Tab 2 content[/tab]

[/tabs]

RPF Investments

RPFL ස්ථාවර තැන්පතු                                                                විමසීම්: 0722215357

රිචඩ් පීරිස් මූල්‍ය සමාගම මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලය දී ඇති ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන අතර වසර 84ක සාඩම්බර ඉතිහාසයක් සමඟ ශ්‍රී ලංකාව තුළ විශාලතම සහ ඉතාම සාර්ථක නානාවිධ ව්‍යාපාරික ආයතනවලින් සමන්විත එකක් වන රිචඩ් පීරිස් සමාගම PLC හි මුළුමනින් හිමිකම ලත් සහ එකම මූල්‍ය අනුබද්ධිත සමාගමක් වේ.

RP මූල්‍ය ආයතනය ඔබ මහන්සියෙන් උපයා ගත් ඉතිරි කිරීම් ස්ථීර තැන්පතු ලෙස තැබීමෙන් ඔබට ඔබේ අනාගත අපේක්‍ෂා සුරක්‍ෂිත කිරීමටත් තරඟකාරී ඵලය උපයන අතර රිචඩ් පීරිස් සමූහ ආයතනයේ අපරාජිත ස්ථාවරය යටතේ සුවිශේෂී ප්‍රතිලාභ ලබන්නෙක් වීමටත් අවස්ථාවක් සලසයි.

ස්ථාවර තැන්පතු මාස 1 සිට මාස 60ක් දක්වා තනි තනිව හෝ හවුල්ව සහ ආයතන විසින් සිදු කළ හැක.

**ස්ථාවර තැන්පතු පොලී අනුපාත මෙදින සිට බලපැවැත්වීම 2024 අප්‍රේල් 03 වෙනිදා.

කාල සීමාව කල් පිරීම වා.ස.අ. මාසික වා.ස.අ.
මාස 1ක් 8.75% 9.11% 8.75% 9.11%
මාස 3ක් 9.25% 9.58% 8.75% 9.11%
මාස 6ක් 9.50% 9.73% 9.00% 9.38%
මාස 9ක් 9.50% 9.61% 9.00% 9.38%
මාස 12ක් 9.75% 9.75% 9.25% 9.65%
මාස 13ක් 9.75% 9.71% 9.25% 9.65%
මාස 15ක් 9.75% 9.64% 9.25% 9.65%
මාස 18ක් 9.75% 9.53% 9.25% 9.65%
මාස 24ක් 9.75% 9.32% 9.25% 9.65%
මාස 36 ක් 9.75% 8.93% 9.25% 9.65%
මාස 48ක් 9.75% 8.58% 9.25% 9.65%
මාස 60ක් 9.75% 8.27% 9.25% 9.65%

ඉතුරුම් පොළී අනුපාතිකය: Normal 6% / Senior 6% / Minor 6.5%


RPFL මූල්‍ය ආයතන ස්ථාවර තැන්පතු මඟින්:

  • ඔබේ ස්ථාවර තැන්පතුවලට එරෙහිව ක්‍ෂණික ණය පහසුකම්.
  • මාස 12 ක සිට 60 ක් දක්වා ආයෝජන කාල සීමාව තුළ තරඟකාරී පොලී අනුපාත.
  • අනෙකුත් ණය පහසුකම් සඳහා විශිෂ්ට සුරක්‍ෂිත ඇපයන් ලෙස පැවතීම.
  • බැංකු අණකර / ගෙවුම් ඇණවුම් මත එක් දින සාක්‍ෂාත්කරණය.
  • ඔබේ ඉල්ලීම මත රාජ්‍ය ආයතන සහ තානාපති කාර්යාලවලට ඉදිරිපත් කිරීම සඳහා ශේෂ තහවුරු කිරීම් / බදු සහතික ලබා ගත හැක.
  • RPFL මූල්‍ය ආයතනය සමඟ ස්ථාවර තැන්පතු යනු ඔබේ අනාගත අපේක්‍ෂා සඳහා වන සුරැකීමකි.
  • පහසු ක්‍රියාවලිය සහ හොඳම පාරිභෝගික සේවාව.

**RAM සීමාසහිත රේටිංස් ලංකා ආයතනය රිචඩ් පීරිස් සමූහ ආයතනයට BBB ණය ක්‍ෂමතා නිර්ණයක් තීරණය කර ඇත**


කොන්දේසි සහ අනෙකුත් තොරතුරු:

  • මහ බැංකුවේ උපදෙස්වලට අනුව පොලී අනුපාත වෙනස් විය හැකි අතර තැන්පතක් තැබූ විට කල් පිරීම දක්වා පොලී අනුපාතය ස්ථීර වේ.
  • වම තැන්පත් මුදල: රු. 10,000/-
  • මුදලින් හෝ “රිචඩ් පීරිස් ෆිනැන්ස් ලිමිටඩ්” වෙත ආදායකයාගේ ගිණුමට චෙක්පතක් දීමෙන් තැන්පත් කළ හැක.”
  • තැන්පත් කරන්නන් ස්ථාවර තැන්පත් අයදුම් පත්‍ර කට්ටල සමඟ ජාතික හැඳුනුම්පත සහ ස්ථීර පදිංචිය තහවුරු කිරීමේ ලිපි ලේඛන වැනි සහයක ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • තැන්පත් කරන්නාට මාසික කල් පිරීම පදනම් කර ගෙන පොලිය ලබා ගැනීමට අවශ්‍ය නම්, පාරිභෝගිකයා නම් කරන බැංකු ගිණුමට පොලිය යැවිය හැක.

අවශ්‍ය ලේඛන – තනි පුද්ගලයින් සඳහා

1.අයදුම් පත්‍රය ලබාගන්න
2.ඔබේ පාරිභෝගිකයා පිළිබඳ තොරතුරු ලබාගන්න
3.ජාතික හැඳුනුම්පතෙහි ඡායාපිටපත (එම පහසුකම අපෙන් සලසනු ලැබේ)
4.ස්ථීර පදිංචිය තහවුරු කිරීමේ ලිපි ලේඛන (අත්‍යවශ්‍ය නොවේ)

අවශ්‍ය ලේඛන – ආයතන සඳහා

1.අයදුම් පත්‍රය ලබාගන්න
2.ඔබේ පාරිභෝගිකයා පිළිබඳ තොරතුරු ලබාගන්න
3.ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ පිටපත
4.සමාගම් ලිපි ශීර්ෂය මත අත්සන් තබන නිලධාරීන් තහවුරු කිරීම
5.රාජ්‍ය නොවන සංවිධානයක් නම්, දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුවෙන් WHT නිදහස් කිරීම සඳහා ලිඛිත තහවුරු කිරීමක් හෝ නීත්‍යනුකූලව වලංගු ලේඛනයක්

RPF Islamic Finance

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් අරීජ් ඉස්ලාමීය මූල්‍ය ඒකකය

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් වෛකල්පික මූල්‍යකරණ ප්‍රතිපාදනවලට කැමති විය හැකි පාරිභෝගික සමුදායක් වෙත ළඟා විමේ අදහසින් දැන් ෂරීආ නීතියට අනුකූල වන මූල්‍ය සේවා සහ නිෂ්පාදන පිරිනමයි. මෙම ක්‍රමය දැඩියෙන් අගය කරන පාරිභෝගිකයින්ගේ ඇස් තුළ තවත් ප්‍රමුඛත්වය ගෙන ඒමට සම්ප්‍රදායික මූල්‍ය සේවාවලින් තම ව්‍යාපාරික කටයුත්ත වෙනස් කිරීම සඳහා “අරීජ්” ඉස්ලාමීය මූල්‍ය සේවා ලෙස එම ඒකකයට නම් තබා ඇත. අරීජ් හි මූලික ශක්තිය උචිත නිෂ්පාදන රැස, පුද්ගලයන් කළ සේවා සහ සමකාලීන පෙනුම සහ හැඟීම අතර ඇති ප්‍රශස්ත තුලනයෙහි පදනම් වේ.
යුක්තිය, සමතාව සහ සාධාරණත්වය යනු ඉස්ලාමීය මූල්‍ය ක්‍රමය තහවුරු කරන අගයවල් වේ. අපගේ ඉස්ලාමීය මූල්‍ය මෙහෙයවීමේ සහ ක්‍රියාවෙහි ඉතා අවශ්‍ය ඒවා ලෙස සලකනු ලබන්නේ මෙම අගයන් වේ.

සීමාසහිත රිචඩ් පීරිස් මූල්‍ය සමාගමේ ආයෝජන කිරීම සඳහා වන ඉහළ හේතු 5 – අරීජ්

  • මහජනතාවගෙන් මූල්‍ය තැන්පතු ලබා ගැනීම / ආයෝජන පිළිගැනීම සඳහා වන මූල්‍ය සමාගමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලියාපදිංචි කර ඇත.
  • RPFL යනු වසර 83ක ඉතිහාසයක් සමඟ ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම සහ ඉතාම දියුණු ව්‍යාපාරික සංස්ථාවලින් එකක් වන රිචඩ් පීරිස් සහ සමාගම PLC හට සම්පූර්ණ හිමිකම ඇති අනුබද්ධිත ආයතනයකි.
  • “අරීජ්” විසින් එහි ඉස්ලාමීය මූල්‍ය ඒකකයට ඉතා ගෞරවාන්විත කීර්තිමත් උගතුන් සහ නියුක්තයන් පත් කොට තිබේ.
  • ෂරීආ උපදේශන සභාව විසින් අරීජ් සඳහා මුළු නිෂ්පාදන ක්‍රියාවලිය, ක්‍රියා පටිපාටිය සහ ගණකාධිකරණ ප්‍රමිති අනුමත කර බලය දී ඇත.
  • අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉහළ කළමනාකාරීත්වය තුළ හොඳ කීර්තියක් සමඟ හොඳින් සුදුසුකම් ලත් වෘත්තිකයින්ගෙන් සමන්විතය.

අරීජ් ඉස්තිස්මාර් ගිණුම – වකාලා ආයෝජනය

වකාලා බිල්ඉස්තිස්මාර් නම් ෂරීආ මූලධර්මය පදනම් කර ගෙන, ඔබේ ආයෝජනය සඳහා වෙළඳපොළේ තරඟකාරී ධර්මිෂ්ට ඵලය ඔබට ලබා දීම සඳහා “අරීජ් ඉස්තිස්මාර්” ගිණුම RPFL විසින් ආරම්භ කර ඇත. එය ආයෝජනය මූලික වශයෙන් ෂරීආ නීතියට අනුකූල වන දේපළ සහ ව්‍යාපාරික ගනුදෙනුවෙහි ඇති ආයෝජන හරහා කෙටි කාලීන සහ දීර්ඝ කාලයකට ඔබට නියත ආදායමක් ලබා දීමේ අරමුණින් යුත් එකකි.


වකාලා බිල්ඉස්තිස්මාර්

වකාලා බිල්ඉස්තිස්මාර් යනු ආයෝජන නිෂ්පාදනවල භාවිත කෙරෙන පහසු ඉස්ලාමීය මූල්‍ය වෙළඳපොළ සංකල්පය වේ.
ආයෝජකයා (“මුවක්කිල්”) රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් (RPFL) – අරීජ් ඉස්ලාමීය මූල්‍ය ඒකකය (“වකීල්”) සමඟ වකාලා බිල්ඉස්තිස්මාර් ගිවිසුමකට එළඹෙන අතර ලාභදායී ෂරීආ නීතියට අනුකූල ගනුදෙනුවල උපයෝග කිරීම සහ ආයෝජන කිරීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් RPFL හි ආයෝජන කරයි.
ආයෝජකයාට ආයෝජනයෙන් බලාපොරොත්තු වන ලාභ ප්‍රතිශතය පිරිනමන අතර, RPFL විසින් ලබා දෙන සේවාව සඳහා වකාලා ගාස්තුව උපයා ගනු ලැබේ. RPFL විසින් (වකාලා ගාස්තුව අඩු කර ගත් පසු) ආයෝජකයාගේ අපේක්‍ෂිත ලාභයට වැඩිපුරව උපයනු ලබන ඕනෑම ප්‍රමාණයක් දිරිදීමනාවක් ලෙස RPFL විසින් රඳවා ගනු ලැබේ.


[wpspoiler name=”අරීජ් ඉස්තිස්මාර්” style=”wpui-light”]

අරීජ් ඉස්තිස්මාර් (පුද්ගල අයෝජන)

තනි පුද්ගලයකු හෝ සුළු හා මධ්ය පරිමාණ සමාගම් සඳහා මෙම ආයෝජනය සැලසුම් කර ඇත. අවම වශයෙන් මාස 3 ක අවම කාලයක් සහිතව රුපියල් 50,000.00 කි.


ඉජාරා කල් බදු (ආයතනික ආයොජන)

මෙම ආයෝඡනය ඉලක්කගත ආයතනික සංවිධාන හෝ ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයන්ට රුපියල් 500,000.00 ක අවම මුදලක් අවශ්ය වේ. අවම සේවා කාලය මාස 3 කි. වෙනත් කිසිදු කටයුත්තක් තවදුරටත් සාකච්ඡා කළ හැකිය.

RPFL හට ස්ථානගත වීමේ ලක්ෂ්යයේදී අපේක්ෂිත ලාභ අනුපාතය (APR) දැනුම් දීමට හැකිවන අතර, එමඟින්, ඔවුන්ගේ ආයෝජනය මත තම අපේක්ෂිත ප්රතිලාභ අනුපාතය ගැන ගනුදෙනුකරුවන්ට දැනගැනීමට ඉඩ සැලසෙයි. කෙසේ වෙතත්, RPFL නියෝජිතයා ලෙස ආයෝජනයෙන් ස්ථාවර ලාභය සහතික කරනු නොලැබේ.

ප්‍රතිලාභ:

  • තරඟකාරී අපේක්ෂිත ලාභ අනුපාතය
  • රුපියල් 50,000 / – ක් තරම් අවම ආයෝජනයක්
  • ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ලාභ දිරිගැන්වීමක් සඳහා හිමිකම් ලැබේ
  • නම්යශීලී ආයෝජනයක්
  • ඔබේ ආයෝජන වලින් 100% ක් දක්වා වියාපාර මූල්ය පහසුකම්

[/wpspoiler]

[wpspoiler name=”ඉජාරා-කල් බදු” style=”wpui-light”]

ඉජාරා යනු බදු දෙන්නා සහ බදු ගන්නා අතර ඇති ගිවිසුමක් වන අතර, දේපළක භුක්තිය බදු ගන්නා වෙත මාරු කෙරේ, එහි බදු ගන්නා විසින් බදු දෙන්නා වෙත ගෙවිය යුතු දෙය සුවිශේෂ කොට සලකා එයට එරෙහිව සුවිශේෂී කාලයකට දේපළේ සුවිශේෂී ප්‍රතිලාභයක් අත් විඳීම සඳහා බදු ගන්නා හට අයිතිය තිබේ. කල් බදු කාල සීමාව කල් පිරීමත් සමඟ බදු ගන්නා දේපළේ හිමිකම ලබා ගනියි.

එය ෂරීආ නීතියට අනුකූල මූල්‍ය ක්‍රමයක් වන අතර එයින් ඔබට අනෙකුත් ඵලදායී වාණිජ අරමුණු සඳහා ඔබේ ප්‍රාග්ධනය තබා ගන්නා අතරතුර ඔබට දේපළක හිමිකම තබා ගැනීමට ඉඩ දෙනු ලැබේ.

ඉජාරා කල් බදු යටතේ පරදු දරන්නන්ගේ වගකීම්:

බැඳීම්වල විස්තරය වගකීම
හිමිකමට අදාළ වියදම් බදු දෙන්නා
දේපළ භාවිත කිරීමට අදාළ වියදම් බදු ගන්නා
හිමිකමට සම්බන්‍ධ අවදානම බදු දෙන්නා
දේපළ භාවිත කිරීමට සම්බන්‍ධ අවදානම් බදු ගන්නා
අනතුරකදී තෙවන පාර්ශ්වික බැඳීම බදු ගන්නා
හිමිකමට සම්බන්‍ධ වියදම් සහ අවදානම් –
නමුත් සම්පූර්‍ණයෙන් නොදැනුවත්කමින් සිදු වන ඒවා
බදු ගන්නා

(more…)