සමූහ ව්‍යාපාරයේ සභාපති තුමාගේ පණිවුඩය

ආචාර්ය සේන යද්දෙහිගේ


Dr.-Sena-Yaddehigeඅප සමාගම විවිධාංගකරණ ප්‍රතිපත්තියකටත් අපගේ පාරිභෝගික සමූහය විශාල කිරීමටත් කැප වී සිටියි. අපගේ ප්‍රතිපත්තිය අපගේ නිෂ්පාදන තුළ විශ්වාසනීයත්වය සහ විශ්වාසය වැඩි කිරීමක් හරහා සමූහ ආයතනයේ සේවා පාරිභෝගිකයින් තවත් ආකර්ෂණ කිරීම වේ. අපි නිෂ්පාදන රාශියකට අපගේ ක්‍රියාකාරකම් දීර්‍ඝ කර තිබෙන අතර සමූහයේ භූගෝලීය පැතිරීම ද වැඩි කර තිබෙන්නෙමු. ඉතා සමීප කාලයේදී අපි මූල්‍යකරණ ව්‍යාපාරය මුල් කොට මූල්‍ය සමාගමක් පටන් ගත්තෙමු. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවෙහි යෙදීමෙහි, අපි නව උප ආයතන නිර්මාණ කිරීමෙහි සහ නියාමන අවශ්‍යතාවලට අනුකූලව මූල්‍ය ආයතන අත් කර ගැනීමෙහි ක්‍රියාකාරී ලෙස යෙදී සිටියෙමු.

අපි හොඳ මූල්‍ය කළමනාකරණය, ඉතා දක්‍ෂ මානව සම්පත් සමූහයක්, සහ අපගේ ප්‍රතිපත්තිවලට සහ උපක්‍රමවලට අනුකූල වන ව්‍යාපාරික අවස්ථා නිර්මාණ කර අප ලබා ගැනීමේ හැකියාව මඟින් රටේ විශාලතම සමූහ ආයතනවලින් එකක් ලෙස වර්‍ධනය වී සිටින්නෙමු.

සමූහ ආයතනයේ සිල්ලර වෙළඳාම් අංශය වන ආපිකෝ සුපිරි මධ්‍යස්ථාන ජාලය දිවයිනේ විවිධ ප්‍රදේශවලට පැතිර ඇත. සමූහ ආයතනයේ සිල්ලර වෙළඳාම් කටයුතු මීළඟ වසර කිහිපයක් තුළ දිවයින පුරාම ආවරණ වීමෙහි ප්‍රතිඵල වන අති විශාල පුළුල් කිරීමකට ලක් වී ඇත. අපි අපගේ පාරිභෝගිකයින්ට එකම වහළක් තුළ තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටු කර ගත හැකි වන පරිදි සුපිරි මධ්‍යස්ථාන තුළ ශාඛා කාර්යාල තබා ගැනීමෙන් අපගේ මූල්‍ය සමාගම ශක්තිමත් කිරීමට මෙම ජාලය භාවිත කරමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කළ වර්‍ධනය වන මූල්‍ය සමාගමක් වශයෙන්, තැන්පතු එක් රැස් කිරීමෙන් සහ ණය වැය කිරීමෙන් අපි අපගේ මූල්‍ය සේවා ආර්ථිකය පුරාම ව්‍යාප්ත කර ඇත. මූල්‍ය සේවා අංශය නිර්මාණ කිරීම සඳහා, අපි සමූහ ආයතනය තුළ ඇති සමාගම්වලටත් සුවිශේෂී කාලයක් පුරා අප සමඟ එක්ව සිටි ප්‍රධාන සැපයුම්කරුවන්ටත් සමූහයේ සේවකයින්ටත් අපගේ සේවා විස්තීර්ණ කිරීමට බලාපොරොත්තු වෙමු. මෙයින් සමූහය තුළ මෙය විවිධාංගික තරඟකාරී ප්‍රතිලාභයක් ලෙස සැලකිය හැක.

CSR (සංස්ථාපිත සමාජ වගකීම) අප සමාගමේ ප්‍රතිපත්ති තුළ පවතියි. අපගේ අරමුණ අපගේ පාර්ශ්විකයන් සඳහා ලාභදායී ව්‍යවසායක් ගොඩනැඟීමක් පමණක් නොව අපි ක්‍රියා කරන ප්‍රජාවන් ධනවත් කිරීම සහ ඔවුන්ට යම් ප්‍රත්‍යක්‍ෂ දෙයක් ආපසු දීම ද වේ. අප සමාගමේ ශක්තිය සහ කීර්තිය ද මහජනතාව අප මූල්‍ය ව්‍යාපාරයෙහි තබා ඇති විශ්වාසය සලකන විට අපට අපගේ ව්‍යාපාරික තරඟකරුවන් සමඟ තරඟ කළ හැකි බවක් අපි විශ්වාස කරමු. කාලයත් සමඟ අප මූල්‍ය ව්‍යාපාරය වර්ධනය වේ යැයි අපි විශ්වාස කරන්නෙමු. අප මූල්‍ය ව්‍යාපාරය වර්‍ධනය වීමත් සමඟ පුළුල් ව්‍යාපාරික ප්‍රජාව විසින් ප්‍රතිලාභ විඳිනු ලබන අතර, කලක් යන විට රටේ ආර්ථික සංවර්ධනයට තවදුරටත් දායකත්වය දෙන බව තහවුරු කරන්නෙමු.